සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස බව ඇමති රවින්ද්‍ර සමරවීර මහතා පවසයි

Share Button

විධායක ජනාධිපති ක්‍රමය මේ අවස්ථාවේදි අහෝසි කිරිම සම්බන්ධයෙන් තමන් විරුද්ධ බව ඇමති රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඊයේ පස්වරුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී කීිවේය. මිට අදාළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වසරක පමණ කාලයක සිට සාකච්ඡා කරමින් තිබේ. අවුරුදු හතරහමාරක කාලයක් වත්මන් රජය පැවතියේ ද විධායක ජනාධිපති ක්‍රමය යටතේය.

මෙහිදි අදහස් දැක්වු ඇමති තලතා අතුකෝරල මහත්මිය පැවසුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමට ගෙනා යෝජනාව අමාත්‍ය මණ්ඩලයේ බහුතරය අනුමත නොකල බවයි. එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කළ යුතු යැයි ඇය මෙහිදි කිවාය. ප්‍රේමදාස මහතාට පාර්ලිමේන්තුව . පලාත් සභාව. පලාත් පාලන ආයතනවලට මෙන්ම කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ පක්ෂයේද බහුතර කැමැත්ත ඇතැයි ඇය අවධාරණය කලාය. ජනතාවගේ කැමැත්ත ඇත්තේද ප්‍රේමදාස මහතාටය.
මෙහිදී ඇමති රවින්ද්‍ර සමරවීර මහතා පැවසුවේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස බවයි. ඒ සදහා එම පෙරමුණේ සියලු කොටස්කාරයන්ගේ සහාය ඔහුට ලැබි ඇතැයි ඔහු කීවේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *