ගංඉවුරු ආරක්‍ෂා කිරීමේ විශේෂ වැඩසටහනක්

Share Button

අදට යෙදී ඇති ලෝක ගංගා දිනය නිමිත්තෙන් ගංඉවුරු ආරක්‍ෂා කිරීමේ විශේෂ වැඩසටහනක් ඇරඹෙයි. සමාරම්භක වැඩසටහන අත්තනගලු ඔයෙන් අද ආරම්භ කළ බව වාරීමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්‍ෂිකා ජානකී මීගස්තැන්න මහත්මිය පවසයි. සමෘද්ධි අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇති කරගත් අවබෝධතා ගිවිසුමකට අනුව ගංගාවල පාවී යන ප්ලාස්ටික් සහ පොලිතින් ඉවත් කර ඒවා ප්‍රාදේශීය සභාව වෙත භාරදීමට ක්‍රියාකෙරේ. අත්තනගලු ඔයේ තිහාරිය. පස්යාල සහ ජාඇල කොටස් තුනක් ලෙස බෙදා ඒවායේ පොලිතින් සහ ප්ලාස්ටික් දෛනිකව ඉවත් කිරීම සමෘද්ධි ලාභින්ට පවරා තිබේ. ඒ වෙනුවෙන් ඔවුන්ට අතිරේක රුපියල් 200 ක මුදලක් දෛනිකව ගෙවන බව ඇය සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *