තරග සංචාරයක් සදහා ශ්‍රි ලංකා කණ්ඩායම එලැඹෙන සතියේ පාකිස්ථානයට

Share Button

තරග සංචාරයක් සදහා ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන සතියේ පාකිස්ථානය බලා පිටත්ව යයි. ලබන 27 වැනිදා සිට ලබන මස 9 වැනිදා දක්වා පැවැත්වෙන තරගවලට එක්දින ජාත්‍යන්තර තරග සහ පන්දුවාර විස්සයි විස්ස තරග 3 බැගින් ඇතුලත්වෙයි. ශ්‍රි ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය ලහිරු තිරිමාන්න දරණ අතර පන්දුවාර විස්සයි විස්ස තරගවල නායකත්වය දසුන් ශානක දරයි. මෙහි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග පකිස්ථානයේ කරච්චි ක්‍රිකට් ක්‍රිඩාංගනයේදි පැවැත්වීමට සැලසුම් කර ඇත. ලාහෝර් නුවර ගඩාෆි ක්‍රිඩාංගනයේදි පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරග පැවැත්වෙයි. 2009 වසරෙන් පසුව පාකිස්ථානය සමග පුර්ණ තරග සංචාරයකට සහභාගි වන පලමු කණ්ඩායම ශ්‍රි ලංකාවයි. ඒ සදහා රාජ්‍ය අමුත්තන්ට පිරිනමන ආරක්ෂාව ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රිඩකයින්ට ද ලබාදිමට පාකිස්ථාන රජය පියවර ගෙන ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *