ඇමරිකානු සම්බාධක වලට එරෙහිව වෙනිසියුලාවෙන් අත්සන් මිලියන 13 ක පෙත්සමක්

Share Button

අමෙරිකානු ආර්ථික සම්බාධකවලට එරෙහිව ජාතික ස්වාධිපත්‍යය ආරක්ෂා කිරීමේ අරමුණින් වෙනිසියුලානු ජාතීන් මිලියන 13 ක් පෙත්සමකට අත්සන් තබා ඇතැයි එරට ජනපති නිකොලස් මධුරෝ මහතා පවසයි. වීදි පුරා එක්රැස්වී ඊට දායකත්වය දුන් තම රටේ දේශප්‍රේමී ජනතාවට සිය සුබපැතුම් පිරිනමන බව නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේය. එය සාමය සඳහා ජනතාවගේ කැපවීම පෙන්නුම් කළ අවස්ථාවක් ලෙස ද ජනපතිවරයා පෙන්වා දෙයි. පසුගිය අගෝස්තු 10 වැනිදා මෙම පෙත්සම අත්සන් කිරීම ආරම්භ කෙරිණ.

ව්‍යාපාරවල නිලධාරී සංයුතිය අඩුකිරීම පිළිබඳ පනතකට බ්‍රසීල ජනපති ජායිර් බොල්සොනාරෝ මහතා අත්සන් තබයි. මෙමගින් ඉතා පහසුවෙන් ව්‍යාපාර ආරම්භ කිරීමට එරට ජනතාවට අවස්ථාව සැලසේ. තවද ව්‍යාපාර ගනුදෙනු පහසු කිරීමට ද නව පනත රුකුලක් වනු ඇත. ඉදිරි වසර 10 තුළ බ්‍රසිලයේ දල දේශීය නිෂ්පාදිතයේ සියයට 7 ක අතිරේක වර්ධනයක් නව පනතින් අපේක්ෂා කෙරේ. ඊට අමතරව නව රැකියා මිලියන තුනයි දශම 7 ක් ද උත්පාදනය වනු ඇතැයි බ්‍රසීල රජය විශ්වාසය පළකරයි.

නීති විරෝධී සංක්‍රමණිකයින් 28 දෙනෙකු බටහිර ලිබියානු නගරයක් වන සුවාරෝන්හි ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් මුහුද තරණය කර යුරෝපයට ඇතුඵ වීමට සූදානමින් සිටි බව එම දෙපාර්තමේන්තුව පැවසීය. අප්‍රිකානු සහ ආසියානු ජාතිකයින් මෙම සංක්‍රමණිකයින් අතර සිටින බවට හඳුනාගෙන තිබේ. නිවසක රැඳී සිටියදී ඔවුහු මෙසේ අත්අඩංගුවට පත්වූහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11