සියයකට වඩා වැඩි දැඩි සත්කාර ඒකක සංඛ්‍යාවක් අප සතුයි – සුව ඇමැති

Share Button

නිර්වින්දන හා දැඩි සත්කාර විශේෂඥ වෛද්‍ය සේවාවේ 50 වසරක සේවය ඇගයීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ දී පසුගියදා පැවැත්විනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ දැඩි සත්කාර සේවාවේ 50 වැනි සංවත්සර උත්සවය ඇමතීමට ලැබීම පිළිබඳව ඉතා සතුටට පත්වන බව ප්‍රකාශ කර සිටියේය.

පසුගිය දශක 07 ක් පුරා පිරිවැය-ඵලදායිතාවයෙන් යුත් සෞඛ්‍ය සත්කාර සේවාවක් ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව  විශාල ප්‍රගතියක් පෙන්නුම් කර තිබේ. එමෙන්ම සංවර්ධිත රටවල් හා සමානව සෞඛ්‍ය සත්කාර සේවාවන් වල ප්‍රමිති තත්ත්ව කරා ළගාවෙමින් ද පවතියි.

තම රාජකාරි වේලාවෙන් පසුව ද බැදීමකින් හා කැපවීමකින් සේවය කරමින් පිරිවැය-ඵලදායිතාවයෙන් යුක්ත දැඩිසත්කාර සේවා අනුව්‍යුහයක් ජනතාවට පිරිනැමීමට අපගේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය නිලධාරින් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම අමාත්‍යවරයාගේ පැසසුමට ලක්විය.

“රටේ පළමු වරට දැඩ්සත්කාර ඒකකයක් පිහිටුවීමට කටයුතු කළ මහ රෝහලේ හිටපු නිර්වින්දන විශේෂඥ වෛද්‍ය තිස්ටිල් ජයවර්ධන මහතාගේ කාර්යශුර පුරෝගාත්මිය හා, දැඩිසත්කාර සේවාවන් ලබාදීම වැනි රටේ පැනනගින බරපතල අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් ඒ මහතා තුළ තිබු දුරදර්ශී දැක්මක් ද  අමාත්‍යවරයා විසින් මෙහිදී සිහිපත් කළේය.

“ශ්‍රී ලංකාවේ දැඩි සත්කාර සේවාවන් සැපයීමේ ආරම්භයේ සිට මේ දක්වා දිගු ගමනක් පැමිණ තිබෙනවා. අද වන විට රටේ සියලුම ප්‍රදේශ ආවරණය කරමින් උපකරණ සහ කාර්ය මණ්ඩලය සමග සියයකට වඩා වැඩි දැඩි සත්කාර ඒකක සංඛ්‍යාවක් අප සතුව තිබෙනවා. නිර්වින්දන විශේෂඥ වෛද්‍ය නිලධාරින් මේවා පිහිටුවීමේ දී අනගි මෙහෙයක් ඉටු කළා. ශ්‍රී ලංකාවේ දැඩි සත්කාර ඒකක ඉදිරියේ දී පුළුල් කිරිම සම්බන්ධයෙන් ද ඔවුන් කටයුතු කර ඇති අතර, ඒවායින් සියයට 90 වඩා ප්‍රතිශතයක් එම විශේෂඥ වෛද්‍යවරුන්ගේ මගපෙන්විම යටතේ සිදු කර ඇත.” යනුවෙන් රාජිත සේනාරත්න මහතා පැවසීය.

මෙම අවස්ථාවට නිර්වින්දන විශේෂඥ වෛද්‍ය නිලධාරින්ගේ සහ අධිසත්කාර සේවා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය රම්‍යා අමරසේන, දැඩිසත්කාර වෛද්‍ය පීඨයේ මහාචාර්ය වසන්ති ජින්ටෝ, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය තිස්ටිල් ජයවර්ධන, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය රෂියා, විද්‍යාලීය සාමජික සාමාජිකාවන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *