ජගත් සාමසාධක හමුදා දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා විදේශ ලේකම් හෙට සාකච්ඡාවක

Share Button

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සේවා කටයුතුවල යෙදී සිටින ශ්‍රී ලංකා හමුදා ඒකක නැවත මෙරටට එවීිමට ජගත් සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය පිළීබඳව ජගත් සංවිධානය සමග සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාව සුදානම් වෙයි. ඒ අනුව එක්සත් ජාතීන්ගේ 74 වන ජගත් මහ මණ්ඩල සැසියට සහභාගීවීමට දැන් නිව්යෝර්ක් ගොස් සිටින ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා වන විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රවිනාත ආර්යසිංහ මහතා හෙට එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ උප මහලේකම්වරයා සමග සාකච්ඡා කිරීමට නියමිතයි. හමුදාපති ලෙස ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීම සම්බන්ධයෙන් ඇති වු ගැටඵකාරී තත්ත්වයක් මත ජගත් සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුව මෙම තිීරණය ගෙන තිබේ. ඒ අනුව ඔවුන් සදහන් කලේ ජගත් සාම සාධක හමුදාවේ සේවය කරමින් සිටින ශ්‍රී ලංකා හමුදා ඒකක සහ තවත් නිලධාරින් නැවත මෙරටට එවීමට ක්‍රියාකරන බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *