රාජ්‍ය සේවක වැටුප ලබන ජනවාරියේ සිට වැඩිවීමෙන් දුම්රිය ඇතුඵ සේවා රැසක වැටුප් විෂමතා ඉවතට

Share Button

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් පත්කරන ලද විශේෂ වැටුප් කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ පරිදි සියලු රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුප ලබන වසරේ ජනවාරි මාසයේ සිට රුපියල් තුන්දහසත් විසිහතර දහසත් අතර මුදලකින් වැඩි වෙයි. 2015 වසරේ ආරම්භක වැටුපට සාපේක්ෂ්ව උපරිම වශයෙන් සියයට 107 කින් වැටුප් වැඩි කිරීමට අමතරව මෙය සිදු කෙරේ. මෙම වැටුප් වැඩිකිරීම හේතුවෙන් දුම්රිය හා තැපැල් සේවාද ඇතුඵව රාජ්‍ය අංශයේ විවිධ ක්‍ෂේත්‍රවල පැවති වැටුප් විෂමතා ඉවත්වනු ඇත. දුම්රිය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීම සදහා දුම්රිය සේවයට අයත් දුම්රිය මෙහෙයුම් හා අධික්ෂණ කළමනාකරණ සේවයට අයත් නිලධාරින් සදහා රුපියල් 36 දහස් 95 ක ආරම්භක වැටුපකින් ටී. එල්. නමින් නව වැටුප් කේතයක් හදුන්වාදී ඇත. ඊට අමතරව දුම්රිය එන්ජින් රියදුරු සහායකගේ ආරම්භක වැටුප එම්. ටී. එක වැටුප් කේතය යටතේ රුපියල් 34 දහස් 415 ක් ලෙස පිහිටුවා ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11