චීන සමාගමක මහින්දට ලබා දුන් මුදල ගෙවන්නේ දුප්පත් ජනතාව – පා.ම එස්.එම් මරික්කාර්
චීනයේ චයිනා හාබර් සමාගම විසින් මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට ලබා දුන් මුදල “හොරකමක්” බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.
එහි වන්දිය ගෙවීමට සිදුව ඇත්තේ සාමාන්‍ය ජනතාවට බව ඊයේ (05) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් දක්වමින් මරික්කාර් මහතා ඒ බව අවධාරණය කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයන් සඳහා ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවට අයත් චයිනා හාබර් ගිණුමෙන් ඩොලර් මිලියන 07.06 ක් ලබා දී ඇති බව The Newyork Time පුවත්පත පසුගියදා අනාවරණය කළේය.