සත්‍යෙක්ෂණය වැඩසටහන් මාලාවේ 21 වැනි වැඩසටහන හෙට පස්වරු 4.00 ට

Share Button

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහන් අංශය නිෂ්පාදනය කරන සත්‍යෙක්ෂණය වැඩසටහන් මාලාවේ 21 වැනි වැඩසටහන කසළ තුළ සැගවුනු ධනය මැයෙන් හෙට පස්වරු 4.00 ට සංස්ථාවේ කුමාරතුංග මැදිරියේදී පටිගත කෙරේ. මෙවර වැඩසටහනේ සම්පත් දායකයන් ලෙස මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් මාධව වෛද්‍යරත්න. නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සුරිය. කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර. මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් උපාලි ඉන්ද්‍රරත්න හා මොරටුව විශ්ව විද්‍යාලයේ රසායන සහ ක්‍රියාවලි ඉංජිනේරු අංශයේ මහාචාර්ය අජිත් ද සිල්වා යන මහත්වරු සහභාගි වෙති. මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සැමට ද වැඩසටහනට සහභාගි විය හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *