දුම්රිය වෘත්තීය සමිති ගෙනයන වර්ජනය සාධාරණ නොවන බවට මහජනතාවගෙන් චෝදනා

Share Button

දුම්රිය වෘත්තීය සමිති ගෙනයන වර්ජනය සාධාරණ නොවන බව මහජනතාව චෝදනා කරති. දුම්රිය සේවකයන් ඇතුඵ සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සැලකියයුතු මට්ටමින් වැඩිකර තිබියදී මෙවැනි ක්‍රියාමාර්ගයකට යොමුවීම අසාධාරණ බව ඔව්හු පවසති. ලබන වසරේ ජනවාරී මාසයේ සිට බලපැවැත්වෙන පරිදි රාජ්‍ය සේවක මාසික වැටුප අවමය රුපියල් තුන්දහසේ සිට උපරිමය 24 දහස දක්වා වැඩිකර ඇතැයි මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. මෙහිදී රාජ්‍ය සේවයේ විවිධ ක්‍ෂේත්‍රවල පැවැති වැටුප් විෂමතා ඉවත් වනු ඇත. විශේෂයෙන් දුම්රිය සහ තැපැල් සේවයේ වැටුප් විෂමතා මෙමගින් ඉවත් කෙරේ. මේ අතර දුම්රිය වර්ජනය හේතුවෙන් මහජනතාව ඊයේ දැඩි පිඩාවට පත්වුහ. මේ හේතුවෙන් කොළඹ නගරයේ දැඩි තදබදයක් පැවැති බව අප වාර්තාකරුවෝ පවසති.
මගී ජනතාව පිඩාවට පත්කරන දුම්රිය වර්ජනය හෙළා දකින අතර රජයක් ලෙස ඊට ශක්තිමත්ව මුහුණ දෙන බව ප්‍රවාහන රාජ්‍ය ඇමති අශෝක් අබේසිංහ මහතා පවසයි. හැකි තරම් බස්රථ භාවිත කරන ලෙස හෙතෙම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. දුම්රිය අත්‍යාවශ්‍ය සේවයක් කර තිබු අතර එය දැන් ඉවත්කර තිබේ. යළි අත්‍යාවශ්‍ය සේවයක් බවට පත්කිරීමේ හැකියාව පිළිබඳව සොයා බලන බව හෙතෙම පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *