සෞදි අරාබිය විදේශ සංචාරකයන් සදහා සිය රටේ දොරගුඵ විවෘත කරයි

Share Button

සෞදි අරාබිය විදේශ සංචාරකයන් සදහා සිය රටේ දොරගුඵ විවෘත කරයි. ඒ සදහා රටවල් පනහකට නව වීසා ලබා දිීමට පියවර ගෙන ඇත ජපානය. චීනය. ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් ද ඒ අතර වෙයි. වීසා අයදුම්පත් භාර ගැනීම හා අයදුම්පත් නිකුත් කිරීම අන්තර්ජාලය ඔස්සේ ඊයේ ආරම්භ කෙරිණ. සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ ආර්ථික ප්‍රතිසංස්කරණවල කොටසක් ලෙස පළමු වරට සංචාරකයන් සදහා පනවා තිබු තහනම ඉවත් කර ඇත. කෙසේවෙතත් මුස්ලිම් නොවන අයට ශූද්ධ වු මක්කම නගරයට ඇතුථ වීම තවමත් තහනම්ය. සංචාරකයන්ට මත්වතුර තහනම් වන අතර විදෙස් කාන්තාවන් එරට සංස්කෘතියකට ගැලපෙන පරිදි ඇදුම්වලින් සැරසිය යුතුය.
====
ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරණය සදහා ඡන්දය ප්‍රකාශ කිරීම දැන් සිදුවේ. මේ වන විට රට පුරා දැඩි ආරක්ෂාවක් පවතින අතර ඇෆ්ගනිස්ථාන ආරක්ෂක හමුදාවේ දහස් ගණන් සාමාජිකයෝ ඒ සදහා යොදවනු ලැබ සිටිති. තලෙයිබාන් ත්‍රස්ත සංවිධානයෙන් එල්ල විය හැකි තර්ජන සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන තිබේ. මෙවර ජනාධිපතිවරණය සදහා ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ලෙස ජනාධිපති අෆ්රොෆ් ගානි සහ ප්‍රධාන විධායක අබ්දුල්ලා අබ්දුල්ලා යන මහත්වරු තරග වදිති.
====
දේශගුණික විපර්යාස සදහා ජාත්‍යන්තර ප්‍රජාව කඩිනමින් ප්‍රතිචාර දැක්විය යුතු බව බහමාස් හි අගැමති හියුබර්ට් මිනිස් මහතා පවසයි. තම රටට බලපැවැත්වෙන දැඩි සුළිකුණාටු ගෝලිය අර්බුදය ඉහල යාමට හේතුවක් බව හෙතෙම සදහන් කරයි. එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
====
භාරතයේ ගී කෝකිලාව ලෙස හැදින්වෙන ලතා මන්ගේෂ්කාර්ගේ අනු වැනි උපන්දිනය අදට යෙදී තිබේ. ඇය මේ වන විට දශක හයකට ආසන්න කාලයක් ගීත ගායනා කරමින් ලොව පුරා ගී ලෝලීන්ගේ දෙසවන් සනසා තිබේ. ඇය භාරතය වෙනුවෙන් කළ මෙහෙවර වෙනුවෙන් පත්ම භූෂන්. පද්ම විභූෂන් සහ භාරත රත්න ඇතුථ සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *