චීනයට එරෙහිව ඉන්දියාවේ දෙවැනි සබ්මැරිනය එලිදැක්වෙයි

Share Button

ඉන්දියාව නිෂ්පාදනය කළ දෙවැනි සබ්මැරිනය එරට නාවික හමුදාව ඊයේ එළිදැක්විය. චීනයේ ආක්‍රමණශීලි නාවික කටයුතුවලට අභියෝගයක් ලෙස මෙම සබ්මැරිනය හදුන්වා දී ඇත. යුද රහස් ආරක්ෂා කරගැනීම සදහා සබ්මැරින පිලිබද තොරතුරු ආණ්ඩු විසින් ප්‍රසිද්ධ නොකරන බැවින්. ඊයේ පැවැති මෙම එළිදැක්වීමේ උත්සවය විරල අවස්ථාවක් ලෙස විදෙස් මාධ්‍ය විසින් පෙන්වා දී තිබුණි. ඉන්දිය සාගරයේ සාමයට බාධා පමුණුවන ඕනෑම ක්‍රියාවකට එරෙහිව පියවර ගැනීමට ඉන්දියාව දැන් සුදානම් බව එම උත්සවයට එක්වු ඉන්දිය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා ප්‍රකාශ කලේය. ඉදිරියේදි තවත් සබ්මැරින 4 ක් හදුන්වා දීමට සැලසුම් කර ඇති බව ඉන්දීිය නාවික හමුදාව ප්‍රකාශ කලේය.
====
මැතිවරණ ප්‍රතිසංස්කරණ ඉල්ලා හොංකොං හි විශාල පිරිසක් ඊයේ දැවැන්ත රැලියක් පැවැත්වුහ. 2014 වසරේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ඉල්ලා පැවැත්වු දැවැන්ත රැලියක 5 වැනි සංවත්සරය සංකේතවත් කරමින් ඊයේ රැලිය සංවිධානය කර තිබුණි. සිසුහු ඇතුලු විරෝධතාකරුවෝ රැසක් 2014 වසරේදි එම රැලියට සහභාගීවී තිබුණි.
====
චීනයේ අධිවේගී මාර්ගයකදි බස්රථයක් හා ට්‍රක් රථයක් ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 36 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයෝ 36 දෙනෙක් තුවාල ලැබුහ. චීනයේ නැගෙනහිර ප්‍රදේශයකින් මෙම අනතුර වාර්තා විය. බස්රථයේ ටයරයක දෝෂයක් හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි. අනතුරින් බස්රථයේ ඉදිරිපස කොටසට දැඩි අලාභහානි සිදුවි ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *