වෘත්තිය සමිති නියෝජිතයන් හා අමාත්‍ය මණ්ඩල අනුකමිටුව අතර සාකච්ඡා අද

Share Button

රාජ්‍ය සේවක වෘත්තිය ක්‍රියාමාර්ගවලට විසදුම් සැපයීමේ අරමුණින් අමාත්‍ය මණ්ඩල අනුකමිටුව හා සියලු වෘත්තීය සමිති නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වෙයි. රනුක්ගේ වැටුප් කොමිසමේ නිර්දේශ පදනම් කරගනිමින් පැවැත්වෙන එම සාකච්ඡාවට සහභාගී වන ලෙස මේ වනවිට වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතව සිටින සියලු වෘත්තීය සමිතිවල නියෝජිතයින්ට ආරාධනා කර ඇතැයි අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් සහ තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර සහතික කිරිමේ කටයුතු සම්බන්ධයෙන් සලකා බලා අද සහ හෙට තම වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති ප්‍රභාත් චන්ද්‍රකිර්ති මහතා සඳහන් කරයි.

සාකච්ඡාව සාර්ථක වුවහොත් තම වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හැරීමට සුදානම් බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජනක ප්‍රනාන්දු මහතා කියා සිටී.
මේ අතර අද පැවැත්වීමට නියමිත සාකච්ඡාවට විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තිය සමිති නියෝජිතයින්ද සහභාගීවිමට නියමිතය. මෙම සාකච්ඡාවෙන් ඔවුන්ගේ ගැටලු වලටද විසදුම් සැපයීමට අපේක්ෂා කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා ජාතික ගුවන් විදුලියට පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11