යේමනයේ හවුති කැරලිකරුවන්ගෙන් සෞදි හමුදාවට දැවැන්ත ප්‍රහාරයක්

Share Button

ඉරාන-සෞදි ආරාබි දේශ සීමාව ආසන්නයේදී එල්ල කල ප්‍රහාරයකින් සෞදි අරාබි ආරක්ෂක සාමාජිකයන් රැසක් අත්අඩංගුවට ගත් බව යේමනයේ ක්‍රියාත්මක හවුති කැරලිකරුවෝ පවසති. සෞදි හමුදාවේ බ්‍රිගේඩියර්වරුන් තුන් දෙනෙකු ද නිජ්රාන් නගරය අසලදී තමන්ට යටත් වූ බව හවුති සටන්කරුවෝ පවසති. ඔවුන් සඳහන් කරන ආකාරයට මෙම ප්‍රහාරයෙන් සෞදි ආරක්ෂක අංශ සාමාජිකයන් දහස් ගණනක් යටත්ව ඇති අතර තවත් විශාල සංඛ්‍යාවක් මරණයට පත්ව තිබේ. එහෙත් මෙම ප්‍රකාශ සෞදි බලධාරීන් විසින් මෙතෙක් තහවුරු කර නැත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *