ශ්‍රී ලංකා – පාකිස්ථාන දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද

Share Button

ශ්‍රී ලංකා – පාකිස්ථාන දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය පාකිස්ථානයේ කරච්චිහිදී අද පස්වරුවේ පැවැත්වේ. දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ පළමුවැනි තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණි.
මේ අතර ශ්‍රී ලංකා – පාකිස්ථාන කණ්ඩායම් අතර පාකිස්ථානයේ ලාහෝර්හිදී ලබන සෙනසුරාදා පැවැත්වෙන පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය නැරඹීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජ්‍ය සභාපති ඉම්රාන් කව්ජා මහතා සහභාගි වීමට නියමිතය. මෙම මස මුලදී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී කෙවින් රොබට්ස් මහතා ද පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරට පැමිණ අතර පාකිස්ථානය සහ ඕස්ට්‍රේලියාව අතර විශ්වාසය තහවුරු කිරීම එහි අරමුණ විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-31 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,620
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 829
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 55
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 781
මරණ සංඛ්‍යාව - 10