ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු පුරවැසිභාවය පිළිබඳ පෙත්සම අනිද්දා විභාගයට ගැනේ.

Share Button

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිකුත්කර ඇති විදේශ ගමන් බලපත්‍රය සහ ජාතික හැදුනුම්පතට අදාල තොරතුරු තිබේ නම් ඒවා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුඵ පාර්ශ්ව කිහිපයකට අභියාචනාධිකරණය අද නියම කළේය. ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පුරවැසියෙකු ලෙස පිළිගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබු පෙත්සමට අදාල ලේඛණ භාරදීම සදහා අද පස්වරුවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුණ ඔබේසේකර යන මහත්වරුන් ඉදිරියේදී කැදවනු ලැබින.

එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනි සිටි නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා තම සේවාදායකයාගේ පුරවැසි සහතිකය සහ ජාතික හැදුනුම්පතට අදාල තොරතුරු අඩංගු ලේඛණ කිහිපයක් සහ මෙම කරුණට අදාලව සිය සේවාදායකයා පොලිසිය වෙත ලබාදි ඇති ප්‍රකාශවල පිටපත් අධිකරණය වෙත භාර දුන්නේය. පෙත්සම සලකා බැලීම ලබන 02 වැනිදා සිදුකිරීමට නියමිතයි. මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුනේ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණි වියන්ගොඩ යන මහත්වරුන් විසිනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-31 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,620
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 829
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 55
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 781
මරණ සංඛ්‍යාව - 10