ගෝඨාභය රාජපක්ෂ මහතාට ලංකා සම සමාජ පක්ෂයේ සහාය.

Share Button

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණය නිසැකව ජය ගන්නා බව සමාජවාදි ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම් රාජා කොල්ලුරේ මහතා පවසයි. ඒ මහතාගේ ජයග්‍රහණය පිළිබඳව බියෙන් පසුවන පුද්ගලයන් ඔහුට එරෙහිව විවිධ චෝදනා ඉදිරිපත් කරන බව හෙතෙම කියයි. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. මෙම අවස්ථාවට එක්වු ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සෘජුවම සහාය දෙන බවයි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා පැවසුවේ රටේ ආර්ථිකය කඩා වැටි ණයබර ඉහල ගොස් ඇති බවයි. අලි-මිනිස් ගැටුමට රජය මැදිහත්ව විසදුම් ලබාදිය යුතු බවද ඔහු පැවසීය. රට ගැන අවධානය යොමු කිරිමේදී ලකුණක් අදාල නොවන බව දේශ විමුක්ති ජනතා පක්ෂයේ උපසභාපති පුජ්‍ය ගලගම ධම්මරන්සි ස්වාමින් වහන්සේ පැවසුහ. ජනතා අපේක්ෂාව අනුව ජනාධිපතිතුමා නිවැරදි තීරණයක් ගනු ඇතැයි අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා එහිදී සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-31 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,620
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 829
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 55
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 781
මරණ සංඛ්‍යාව - 10