හත්පෝරුව මංසන්ධියේ සිට මහගම හඹුරුගල දක්වා මාර්ගය දැඩි ලෙස අබලන්

Share Button

සෙවනගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ හත්පෝරුව මංසන්ධියේ සිට මහගම හඹුරුගල දක්වා මාර්ගය දැඩි ලෙස අබලන්වීම හේතුවෙන් ගමනා ගමනයට දුෂ්කරතා පවතින බව ප්‍රදේශවාසිහු පවසති.

එම මාර්ගය දීර්ඝ කාලයකින් කිසිදු පිළිසකර කිරීමකට ලක්කර නැත.

රන්වැලිගම , හඹුරුගල , සමගිපුර ආදි ප්‍රදේශවල ජනතාවට තම ගොවි නිෂ්පාදන මහගම සතිපොළ වෙත රැගෙන ඒමට ඇති එකම මාර්ගය මෙයයි.

මෙම මාර්ගය පිළිසකර කරදෙන්නැයි ඔව්හු බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.

සෙවනගල ප්‍රාදේශිය ලේකම් තුමනි මේ ඔබේ අවධානයටයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *