රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා ඉවත්කිරීම පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුවේ නිර්දේශවලට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

Share Button

ශ්‍රි ලංකා පරිපාලන සේවයේ නිලධාරින් ඇතුඑ විධායක දීමනාව හිමි සියලු නිලධාරින් සඳහා සේවා කාලය මත පදනම්ව ගෙවනු ලබන දීමනාව සේවා කාලය නොසලකා පොදුවේ රුපියල් පහලොස් දහසක් ලෙස සංශෝධනය කර ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි. රාජ්‍ය අංශය තුල ක්‍රියාත්මක වෘත්තිය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගතහැකි පියවර පිළිබඳව පරික්ෂා කර නිර්දේශ ඉදිරිපත් කිරිම සඳහා පත්කරන ලද අමාත්‍ය මණ්ඩල කමිටුව සිය නිර්දේශ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත. ඒ අනුව ගුරු හා විදුහල්පති සේවාවන් සඳහා සාධාරණ වැටුප් තලයන් ලබාදීම පිණිස ගුරු සේවය සංවෘත සේවාවක් බවට පත්කිරීම සඳහා සහ සුදුසු වැටුප් ව්‍යුහයක් සකස් කිරීමට අවශ්‍ය පියවර ගැනිමට ද එම කමිටුව නිර්දේශ කර තිබේ. දුම්රිය සේවය ද සංවෘත සේවාවක් බවට පත්කිරීම සහ සුදුසු වැටුප් ව්‍යුහයක් සකස් කිරීම පිණිස අවශ්‍ය ඉදිරි පියවර ගැනිමට අමාත්‍ය මණ්ඩල කමිටුව නිර්දේශ කර තිබේ. මෙම නිර්දේශ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

තමන්ට අදාළ වැටුප් විෂමතාවයන්ට විසදුම් ලබාදීමට අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගෙන ඇති බැවින් තම වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ බලාපොරොත්තුවක් නොමැති බව රාජ්‍ය පරිපාලන සේවා සංගමය සදහන් කරයි. ඇමති මණ්ඩල තීරණය තම සංගමයට ලැබෙන තෙක් සිය රාජකාරී කටයුතුවල සාමාන්‍ය අයුරින් නිරත වන බව එම සංගමයේ සභාපති ප්‍රභාත් චන්ද්‍රකිර්ති මහතා පවසයි. ඒ අතරම විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක ගැටඵවට අදාළව උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපත් කර තිබු යෝජනාවටද ඇමති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. ඒ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තීය සමිති සමග සාකච්ඡා කරන බව අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *