ජගත් පුරවර සමුඵවට සහභාගීවිම සදහා අගමැතිවරයා හෙට සිංගප්පුරුවට

Share Button

සිංගප්පුරුවේ පැවැත්වෙන 6 වන ජගත් පුරවර සමුඵව . ඊට සමගාමීව පැවැත්වෙන සිංගප්පුරු ජාත්‍යන්තර ජල සති සැමරුම හා පිවිතුරු පරිසර සමුඵව යන සමුඵවලට සහභාගි වීම සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිවයිනෙන් පිටත්ව යයි. සංචාරයේදී අගමැතිවරයා සිංගප්පුරු අගමැති ලී ෂිං ලුන්ග් මහතා ප්‍රමුඛ එම රජයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම හමුවීමට නියමිතයි. ලබන සදුදා ජගත් පුරවර සමුඵවේ සමාරම්භක සැසියේදී නාගරික සංවර්ධනය හා පරිසර සුරැකීම යන මැයෙන් ප්‍රධාන දේශනය පවත්වන්නේ ද වික්‍රමසිංහ මහතායි. නවෝත්පාදන සහ සහයෝගිතාව මගින් අනාගතයට සුදුසු තිරසර නගර ඇති කිරීම යන්න මෙවර සමුඵවේ තේමාවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *