උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගනක ලබාදීම කිසිවෙකු නොකළ අතිවිශිෂ්ට සේවයක් බව අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙයි

Share Button

නිදහස් අධ්‍යාපනය ආරම්භ වීමෙන් පසු උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගනක ලබාදීම වෙනත් කිසිවෙකු සිදුකර නොමැති විප්ලවයක් බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. එම විප්ලවයේ කොටස්කරුවන් බවට පත්වීමට අධ්‍යාපන සේවයට එක්වන නව විදුහල්පතිවරුන් භාග්‍යවන්ත වී ඇතැයි නවක විදුහල්පතිවරුන් මහරගම ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සේවාරම්භක පුහුණුවට යොමු කිරිමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. තරගකාරි ලෝකයත් සමග ඉදිරියට ගමන් කිරීමට මෙරට මානව සම්පත දියුණු කිරීමේ අවශ්‍යතාව ඔහු පෙන්වා දුන්නේය. සාම්ප්‍රදායික පන්ති කාමර වෙනුවට පාසල් සදහා ඩිජිටල් පන්ති කාමර හදුන්වාදී ඇත. එම තාක්ෂණය භාවිතා කළ හැකි ගුරුවරුන් අවශ්‍ය වේ. විදුහල්පතිවරුන් නව චින්තනයෙන් කටයුතු කළහොත් පාසල් අධ්‍යාපනය සදහා නවීන තාක්ෂණය භාවිතා කිරීම පිළිබඳ ගැටඵ ඇති නොවන බවද අමාත්‍යවරයා පැවසීය. උසස් පෙළ විභාගයෙන් ඉහල ප්‍රතිඵල ලබා ගැනීම සදහා දක්ෂ සිසුන් යොමු කිරීම පමණක් නොව දුර්වල සිසුන් ද දක්ෂ සිසුන්ගේ මට්ටමට ගෙනඒමට කැපවීම ගුරුවරයාගේ කාර්යභාරය බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. අලුතින් බඳවා ගන්නා විදුහල්පතිවරුන් 1858 දෙනෙකු ඊයේ මෙසේ සේවාරම්භක පුහුණුවට යොමු කෙරින.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *