දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමත් සමග දුම්රිය සේවකයන් සේවයට වාර්තා කිරීමේ ප්‍රවනතාවක්

Share Button

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරිම හා ඒ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය හේතුවෙන් දුම්රිය සේවකයන් සේවයට වාර්තා කිරිමේ ප්‍රවනතාවක් දක්නට ලැබෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එල් පී ජයන්පති මහතා කියයි. ඒ අනුව අද පෙරවරුවේ මෙන්ම පස්වරුවේද වැඩි දුම්රිය සංඛ්‍යාවක් ධාවනයට එක් කිරීමට හැකිවු බව ඔහු සදහන් කරයි. දුම්රිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මගී ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිති. ඒ සම්බන්ධයෙන් ජනතාව දක්වන අප්‍රසාදය දිනෙන් දින ඉහල යමින් පවති. වර්ජනය හේතුවෙන් රටටත් දුම්රිය දෙපාර්තමේන්තුවටත් සිදුවන පාඩුවද සැලකිල්ලට ගෙන දුම්රිය සේවාව යථා තත්වයට පත්කර ගැනිමට සේවක සහාය අපේක්ෂා කරන බව ලේකම්වරයා කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-27 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,319
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 597
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 76
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 712
මරණ සංඛ්‍යාව - 10