කලාකරුවන්ගේ සුබසාධනයට කැපවන බවට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

Share Button

සංස්කෘතික ප්‍රඥප්තියක අවශ්‍යතාව ඇමති සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි. එමගින් රටේ නායකයන් සහ කලාකරුවන් අතර සබදතාව ශක්තිමත් කරගත හැකි බව හෙතෙම පවසයි. ක්ෂේත්‍රයේ උන්නතිය ඉන් අපේක්ෂිතයි. කලාකරුවන්ගේ සුබසාධන අයිතිවාසිකම් සුරක්ෂිත කිරිම තවත් ප්‍රමුඛ අපේක්ෂාවකි. එක්සත් කලා සංවිධානයේ හමුව කොළඹදි අද අමතමින් විෂයභාර ඇමති සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පෙන්වා දුන්නේ . ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සංස්කෘතික ප්‍රඥපත්තියට අවශ්‍ය නීතිමය මුහුණුවර ලබාදෙන බවයි. එමගින් මෙරට කලාකරුවන්ට දේශපාලඥයන්ගේ පිළිසරන ඉල්ලා සිටිමේ අවශ්‍යතාවක් නැත. ඔවුන්ට අවශ්‍ය ස්වාධීනත්වය ලබාදීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ඇමතිවරයා මෙහිදි අවධාරණය කලේය. දේශීය කලාවට මුල්තැන දීමට ගතවු කෙටි කාලයේදි තමා ක්‍රියාමාර්ග ගත්බවද ඇමතිවරයා මෙහිදි පැවසීය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *