පෘතුගාල පාර්ලිමේන්තු මැතිවරණයේ සමාජවාදී පක්‍ෂය ඉදිරියෙන්

Share Button

පෘතුගාලයේ පාලක සමාජවාදී පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් ලබන බව මූලික වශයෙන් නිකුත් වී ඇති නිල සංඛ්‍යා ලේඛන වාර්තා කරයි. මෙතෙක් ගණනය කරන ලද ඡන්ද සංඛ්‍යාව අනුව සමාජවාදී පක්ෂය ලබා ඇති ඡන්ද සංඛ්‍යාව සියයට 37 යි දශම 7 කි. වාමාංශික කඳවුර ලබා ඇති ඡන්ද සංඛ්‍යාව සියයට 8 ක් පමණ වේ. මේ අනුව රජයක් පිහිටුවීම සඳහා අනෙකුත් පක්ෂ සමග සාකච්ඡා කිරීමට සමාජවාදී පක්ෂයට සිදුවනු ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ පවසති. එරට පාර්ලිමේන්තුවේ ආසන 230 ක් සඳහා මහජන නියෝජිතයන් තෝරා ගැනීමේ පාර්ලිමේන්තු මැතිවරණය ඊයේ පැවැත්විණි. ඒ සඳහා පක්ෂ 21 ක් විසින් අපේක්ෂකයන් ඉදිරිපත් කර තිබිණි. පෘතුගාල පාර්ලිමේන්තු මැතිවරණය සෑම වසර හතරකට වරක් පැවැත් වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *