නීති විරෝධී මිනිස් වෙලෙදාමට එරෙහිව කටයුතු කරන රටවල් අතර ශ්‍රිී ලංකාවඉදිරියට

Share Button

නීති විරෝධී මිනිස් වෙලෙදාමට එරෙහිව කටයුතු කරන රටවල් අතර ඉදිරියට පැමිණීමට ශ්‍රිී ලංකාවට හැකියාව ලැබී ඇතැයි විදේශ රැකියා නියෝජ්‍ය ඇමති මනුෂ නානායක්කාර මහතා පවසයි. ඒ පිළිබදව ශ්‍රිී ලංකාව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඇගයීමට ලක්ව ඇතැයි හෙතෙම කියයි. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ තැනැත්තන් වෙලෙදාම සම්බන්ධයෙන් වන නවතම වාර්තාවට අනුව ශ්‍රීී ලංකාව දෙවැනි මට්ටමේ රැඳි සිටින අතර මිනිස් ජාවාරමට විරුද්ධව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගෙන ඇති පියවර පිළිබදව ද එහි විශේෂ ඇගයීමකට ලක් කර තිබේ. මෙය ජාත්‍යන්තර වශයෙන් ශ්‍රිී ලංකාවට ආධාර ලබා ගැනීමේ දී වාසිදායක තත්ත්වයක් බව නියෝජ්‍ය ඇමතිවරයා පවසයි. වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය ඇමතිවරයා ශ්‍රිී ලංකාව මිනිස් වෙලෙදාමට විරුද්ධව විධිමත්ව කටයුතු කිරීම සදහා කාර්යසාධක බලකායක් පිහිටුවා ඇතැයි සදහන් කරයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුල මිනිස් වෙලෙදාම මැඩලීමේ විශේෂ ඒකකයක් ද ස්ථාපිත කර තිබේ. එම ඒකකයට ලැබෙන පැමිණිලි වැඩිදුර පරීක්ෂණ සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන බවද හෙතෙම කියයි. මීට සමගාමිව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් මේ පිළිබදව ජනතාව දැනුවත් කරන බවද ඔහු පවසයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *