ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙලට අයදුම්පත් කැදවීම ඇරඹේ

Share Button

ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල ලබන වසරේ පෙබරිවාරි මස 13 වැනිදා ලෝක ගුවන් විදුලි දිනයට සමගාමිව පැවැත්වෙන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි. මෙම තරගය සම්බන්ධ චක්‍රලේඛය හා ආයඳුම්පත් බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් හෝ එහි නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. අයදුම්පත් භාර ගැනීම ලබන 30 වැනිදායින් අවසන් වෙයි. වැඩි විස්තර 011-2 87 20 44 හෝ 011-2 87 20 31 දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැකිය. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි සියලු ගුවන් විදුලි නාලිකා සදහා මෙය විවෘතයි. රාජ්‍ය හා පෞද්ගලික ගුවන් විදුලි සදහා විශිෂ්ට මෙහෙවරක් කළ සියලුදෙනා ඇගයීමේ අරමුණින් මෙය සංවිධාන කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11