පකිස්ථානයට එරෙහි දෙවන විස්සයි විස්ස ජයත් ශ්‍රී ලංකාවට

Share Button

ශ්‍රි ලංකා පකිස්තාන පන්දු වාර විස්සයි විස්ස දෙවන ක්‍රිකට් තරගයෙන් ලකුණු 35 ක ජයක් ලැබීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වෙයි. ලාහෝර් ගඩාෆි ක්‍රිඩාංගනයේ පැවති තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රි ලංකා කණ්ඩායම පන්දුවාර විස්ස තුළදි කඩුලු 06 කට ලකුණු 182 ක් රැස් කළේය. විශිෂ්ට පිතිහරඹයක නිරත වු භානුක රාජපක්ෂ ලකුණු 77 යි. ඔහුගේ ඉනිමට හතරේ පහර හතරක් සහ හයේ පහර හයක් ඇතුළත් විය. ෂෙහාන් ජයසුරිය ලකුණු 34 යි. දසුන් ෂානක නොදැවි ලකුණු 27 යි. පකිස්තාන පිලට පන්දුවාර 19 ක් අවසානයේ සියලු දෙනා දැවි රැස් කරගත හැකිවූයේ ලකුණු 147 ක් පමණි. ඉමාද් වසීම් ලකුණු 47 යි. විශිෂ්ට පන්දු යැවුමක නිරත වූ නුවන් ප්‍රදීප් කඩුලු 04 ක් ද . වනිදු හසරංග කඩුලු 03 ක් ද බිඳ හෙලුහ. ඉසුරු උදාන කඩුලු 02 යි. භානුක රාජපක්ෂ තරගයේ විරයා විය. මෙම ජයග්‍රහණයත් සමග විස්සයි විස්ස ශූරතාව ශ්‍රි ලංකා පිලට හිමිවිය. පන්දුවාර විස්සයි විස්ස තරගාවලියකදි පකිස්තානය ශ්‍රි ලංකාව හමුවේ පරාජයට පත් වු පලමු අවස්ථාව මෙයයි. විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරිමේ ඉදිරියෙන්ම සිටින පකිස්තාන පිල පරාජය කිරිමට හැකිවිම ශ්‍රි ලංකාව ලද සුවිශේෂි ජයග්‍රහණයකි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *