ගුවන් විදුලියේ ප්‍රවීනයන් කොළොම්තොට භුෂණ සම්මානයෙන් පිදුම් ලබති

Share Button

ජාතික ගුවන් විදුලියේ ප්‍රවීන සන්නිවේදකයන් වන ගාමිණි මෙරින්නගේ . කුමාරි පෙරේරා සහ මයිල්වාගනම් සර්වානන්දා යන මහත්ම මහත්මිහු කොළොම්තොට භුෂණ සම්මානයෙන් පිදුම් ලබති. කොළොම්තොට පෙහෙලිය කොළඹ දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී ඊයේ පැවැත්වින. වසර 40 ක කාලයක් ගුවන් විදුලි සන්නිවේදකයෙකු වශයෙන් කළ සේවාව වෙනුවෙන් ගාමිණි මෙරින්නගේ මහතාටත්. වසර 50 ක කාලයක් වේදිකා. සිනමා. ටෙලිනාට්‍ය . සංගීත හා හඩ කැවීම් ක්‍ෂේත්‍රවල නිරතව සිටිම වෙනුවෙන් කුමාරි පෙරේරා මහත්මියටත් වසර 50 කා කාලයක් ගුවන්විදුලි ප්‍රවෘත්ති නිවේදකයෙක් වශයෙන් කටයුතු කිරීම හේතුවෙන් මයිල්වාගනම් සර්වානන්දා මහතාටත් මෙම සම්මාන පිරිනැමින. කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මාන පිරිනැමිම සිදු කෙරින.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *