ජනාධිපතිවරණයේ පූර්ව ඡන්ද ව්‍යාපාරය ඇරඹෙයි

Share Button

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයෝ තම ඡන්ද ව්‍යාපාරය අරඹති. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වන ප්‍රථම ජනරැලිය අනුරාධපුර සල්ගාදු ක්‍රිඩාංගනයේදී අද පස්වරුවේ පැවැත්වේ. වැඩකරන රටක් වෙනුවෙන් පෙළ ගැසෙමු යන්න එහි තේමාවයි. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එහි ප්‍රධාන ආරාධිතයායි. පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ 19 ක සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ 7 ක නායකයෝ සහ පාක්ෂිකයෝ මෙම රැළියට සහභාගි වෙති. ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අනුරාධපුර පුජා භුමියේ ආගමික වතාවත්වලට සහභාගි වීමට නියමිතයි.
මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වන පලමු ජනරැලිය කොළඹ ගාලුමුවදොර පිටියේදී හෙට පස්වරුවේ පැවැත්වේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට එක්වෙයි. සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගිත්වයෙන් දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වනපරිදි මැතිවරණ රැලි 15 ක් පැවැත්වීමට නියමිතයි. ඉන් බොහොමයකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි වනු ඇත. ඊට අමතරව කුඩා රැස්වීම් දසදහසක් සංවිධාන කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *