දුම්රියේ වංචනිකව ගමන් ගත් අයගෙන් රුපියල් ලක්ෂ 40 ක දඩ අයකර ගැනේ

Share Button

දුම්රිය දෙපාර්තමේන්තුවේ හදිසි වැටලීම් ඒකකය මුල් මාස නවයේදී සිදු කළ වැටලීම්වලින් රුපියල් හතලිස් ලක්ෂයකට ආසන්න දඩ මුදලක් අය කර ගැනීමට සමත් වී ඇතැයි දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතා පවසයි. වැටලීම්වලින් වංචනිකව දුම්රියේ ගමන් ගත් 1300 දෙනෙකු නීතියේ රැහැනට කොටුවී ඇත. ප්‍රවේශපත් රහිතව දුම්රියේ ගමන් කිරීම . තුන්වැනි පන්තියේ ප්‍රවේශපත්‍රයකින් පළමු සහ දෙවන පන්තිවල ගමන් කිරිම. ප්‍රවේශපතේ ගමනාන්තය ඉක්මවා ගමන් කිරිම යන වැරදි ඔවුන්ට එල්ල වී තිබේ. එක් මගියෙකුගෙන් අයකර ගෙන ඇති අවම දඩ මුදල රුපියල් තුන්දහසකි. දිවයිනම ආවරණය වන පරිදි වැටලීම් සිදු කර තිබෙ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *