මැතිවරණ නීති උල්ළංගණය කොට පරිසරයට හානි කරන අයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට පරිසර යුක්ති කේන්ද්‍රය සුදානමින්

Share Button

මැතිවරණ නීති උල්ළංගණය කොට පෝස්ටර් . බැනර් . කටවුට් සහ විද්‍යුත් පුවරු ප්‍රදර්ශනය කරමින් ජනතාවට හා පරිසරයට හානි සිදු කරන අයට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව පරිසර යුක්ති කේන්ද්‍රය සදහන් කරයි. පරිසරයට හානි සිදු නොකරන්නැයි මැතිවරණ කොමිසම ද දේශපාලන පක්ෂවලින් දිගින් දිගටම ඉල්ලා සිටියත් ඊට දේශපාලන පක්ෂවලින් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැතැයි එම කේන්ද්‍රය පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට ද ඔවුන් බලාපොරොත්තු වෙයි. මේ අතර දඹුල්ල නගරසභා බලප්‍රදේශයේ සියලු අපේක්ෂකයන්ගේ පෝස්ටර් . බැනර් හා පුවරු ඉවත් කිරීමේ වැඩසටහනක් දඹුල්ල මහනගර සභාව ඊයේ ආරම්භ කළේය. අදියර කිහිපයක් යටතේ ඉදිරියටත් ඒ පිළිබදව ක්‍රියා කරන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *