කොළඹ හැටන් මාර්ගයේ වටවල ප‍්‍රදේශයේ ගිලා බැසීමක්

Share Button

කොළඹ හැටන් මාර්ගයේ වටවල 3/62 කිලෝමිටර් කණුව අසල එක් මංතීරුවක් ගිලා බැසීම නිසා වාහන ධාවනයට බලපෑම් එල්ල වී තිබේ. මේ නිසා හැටන් දෙසට යන සැහැල්ලු වාහන පමණක් අනෙක් මංතීරුව ඔස්සේ ඉදිරියට ධාවනය කිරිමට ඉඩ සලසා ඇත. කොළඹ දෙසට හා හැටන් දෙසට ධාවනය කරන බර වාහන සදහා විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි. නෝර්ට්න්බ්‍රිජ් හරහා මස්කෙලිය දෙසින් හැටන් දෙසටත් තලවකැලේ පුඩඵඔය හරහා මහනුවරට පැමිණ කොළඹ දෙසටත් ගමන් කළ හැකි බව පොලිසිය කියයි. ඊයේ පස්වරුවේ මෙම ගිලා බැසීම සිදු විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *