ජනාධිපති ධුරයට පත්වී පළමු පැයේ සිට රට ගොනැගීමේ වැඩපිළිවෙල අරඹන බව ඇමති සජිත් ප්‍රේමදාස මහතා කියයි

Share Button

තමන් ජනාධිපති ධුරයට පත්වී පැය 24 ක් තුල රට ගොඩනැගීමේ දැවැන්ත වැඩපිළිවෙල අරඹන බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කියයි. මහනුවරදී අදහස් දක්වමින් ඔහු සදහන් කළේ දසරාජ ධර්මයෙන් රට පාලනය කිරීමට තමන් සුදානම් බවයි.

වර්තමානයේ දී රටේම අපේක්ෂාව සහ බලාපොරොත්තුව වී ඇත්තේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පිළිබදව යැයි අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා පවසයි. බුද්ධ ශාසනය සදහා ඒ මහතා අමිල මෙහෙවරක් සිදු කර තිබේ. ප්‍රේමදාස මහතා පිළිබව අසත්‍ය ප්‍රචාර ගෙන යාමට බියගුඵ දේශපාලනඥයින් ක්‍රියා කරමින් සිටින බව සමරවීර මහතා අද පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවක දී කීවේය.
මෙහිදී අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සදහන් කළේ උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාවගේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලැබීම ස්ථිර බවයි.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා මේ වනවිට ප්‍රතිවාදී අපේක්ෂකයාට පක්ෂපාති ක්‍රියාවලියක නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් මහතා සදහන් කළේය. මුස්ලිම් ජනතාව මේ පිළිබදව අවධානයෙන් සිටීම වැදගත් බවද ඔහු කියා සිටී.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *