ජනාධිපතිවරණයේ දී ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහාය ගෝඨාභය රාජපක්ෂ මහතාට

Share Button

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තාවකාලික සභාපතිවරයා ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත් කර තිබේ. ඉදිරි මැතිවරණ ස්වාධීනව පැවැත්වීමට ජනාධිපතිතුමා ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සභාපති ධුරයෙන් තාවකාලිකව ඉවත්ව ඇති බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට ලබාදීමට තීරණය කළ බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවේ දී පැවසීය. ඔහු මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ ජනතාවගේ පාර්ශ්වයෙන් සිතා මෙම තීන්දුව ගත් බවයි.
මෙහිදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ද අදහස් දැක්වීය.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *