පුජිත් සහ හේමසිරි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහාධිකරණයෙන් නියෝගයක්

Share Button

පොලිස්පති පුජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගය කොළඹ මහාධිකරණය අද අවලංගු කළේය. මේ නිසා ඇප අවලංගු වීම හේතුවෙන් එම දෙදෙනාව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කඵආරච්චි මහතා පොලිසියට නියෝගකර ඇත. නීතිපතිවරයා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමේ තින්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *