සුසන්තිකා ජයසිංහ මහත්මියගේ පුහුණුකරු ලෙස කටයුතු කළ අමෙරිකානු ජාතික ටෝනි කැම්බල් මහතා දැන් දිවයිනට

Share Button

ඔලිම්පික් පදක්කම්ලාභි සුසන්තිකා ජයසිංහ මහත්මියගේ පුහුණුකරු ලෙස කටයුතු කළ අමෙරිකානු ජාතික ටෝනි කැම්බල් මහතා දැන් දිවයිනට පැමිණ සිටි. මෙරට මලල ක්‍රිඩා ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය ඔහුගේ සංචාරයේ අරමුණ බව ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා කියයි. කෙටිකාලින හා දිගුකාලින සැලැස්මක් යටතේ ටෝනි කැම්බල් මහතාගේ සේවය ලබාගැනිම අරමුණ බවද ඔහු සදහන් කරයි. . කැම්බල් මහතා මෙරට පුහුණුකරුවන්ගේ දැනුම වර්ධනය සදහා වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට නියමිතයි. ඔහු දියගම . ටොරින්ටන් හා සුගතදාස ක්‍රිඩාංගනවල නිරික්ෂණ චාරිකාවද නිරත වනු ඇත. සුසන්තිකා ජයසිංහ මහත්මියද එම අවස්ථාවලට එක්වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *