මත්ද්‍රව්‍යයට එරෙහි පුඵල් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කළේ ග්‍රාමිය ජනතාවගේ දිළිදුබව පිටුදැකිමට බව ජනාධිපතිතුමා කියයි.

Share Button

රුපියල් කෝටි 08 ක වියදමින් සංවර්ධනය කෙරෙන අනුරාධපුර පලුගස්වැව ආසිරිගම ගම්මානය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනතා අයිතියට පැවරිණි. ග්‍රාමශක්ති ජනතා වැඩසටහන යටතේ ජනාධිපතිතුමාගේ මගපෙන්විමෙන් එම ගම්මානය සංවර්ධනය කෙරිණි. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ එතුමා පලුගස්වැව ආසිරිගම ගම්මානයේ නිරික්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදි ජනතාව තම දුෂ්කර ජිවිතය පිළිබඳව කරුණු ඉදිරිපත් කළහ. එහිදි ජනතාවට දුන් ප්‍රතිඥාවක් අනුව ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ සාමාජික ගම්මානයක් ලෙස යුද හමුදාවේ ද සහාය ඇතිව එය සංවර්ධනය කරනු ලැබිය . ගම්මානය සංවර්ධනයෙන් පසුව ජනතා අයිතියට පැවරිමේ උත්සවය ඇමතු ජනාධිපතිතුමා ග්‍රාමිය ජනතාවගේ දිළිදුකම ඉහළ යාමට මත්ද්‍රව්‍ය ප්‍රධාන හේතුවක් වි ඇතැයි පෙන්වා දුන්නේය. මත්ද්‍රව්‍යයට එරෙහිව පුඵල් වැඩසටහන් රජය ආරම්භ කළේ එබැවිනි. අනාගතයේ යහපත් රටක් ගොඩනැගිමට මත්ද්‍රව්‍ය වලින් නිදහස් ගමක් ගොඩනැගිය යුතු බව එතුමා පෙන්වා දුන්නේය.

කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ පී .බී අබේකෝන් ශ්‍රවණාගාරය සිසු අයිතියට පැවරීම ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද සිදුවිය. සියලු පහසුකම් වලින් සමන්විතව ඉදිකර ඇති එම ශ්‍රවණාගාරය සදහා වැය කර ඇති මුදල රුපියල් හාරකෝටි පනස් ලක්ෂයකි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *