ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට සියඵ කටයුතු සුදානම්.

Share Button

අද පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට සියඵ කටයුතු සුදානම් බව ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා පවසයි. ඡන්ද මධ්‍යස්ථාන 47 කදී ඡන්දය පාවිච්චි කිරීම සිදුවෙයි. ඡන්ද විමසිම භාර නිලධාරිහු ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා රැගෙන මේ වන විට ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ සිටිති. ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම සඳහා 53 දහස් 384 දෙනෙක් සුදුසුකම් ලබා සිටිති. අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්දය ප්‍රකාශ කළ හැකිය. ඒ සදහා මැතිවරණ දෙපාර්තමේන්තුව පිළිගන්නා වලංගු හැදුනුම්පතක් රැගෙනයාම අත්‍යවශ්‍ය වෙයි. පීළිගත් දේශපාලන පක්‍ෂ 5 කින් අපේක්ෂකයෝ 155 දෙනෙක් ඡන්ද විමසීම සදහා තරග වැද සිටිති.. ඉන් 28 දෙනෙකු තෝරා ගැනීමට නියමිතයි. මෙම කටයුතු සදහා කාර්ය මණ්ඩලය 800 ක් පමණ සහභාගී වෙති. ඇල්පිටිය කාර්මික විද්‍යාලයේදී සමස්ත ප්‍රතිඵලය නිකුත් කිරීමට කටයුතු යොදා තිබේ. ආරක්‍ෂාව සදහා පොලිස් නිලධාරීන් දහසකට වැඩි සංඛ්‍යාවක් යොදවා තිබේ. ඡන්ද මධ්‍යස්ථාන තුළ මෙන්ම ඡන්දය ගණන් කරන ස්ථානයන්හිදී ද ආරක්‍ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. ජංගම මුර සංචාර ද ක්‍රියාත්මක කෙරේ. ඡන්දය විමසීම නිරීක්‍ෂණය කිරීම සදහා සංවිධාන කිහිපයකින්ම නියෝජිතයෝ පැමිණ සිටිති. ප්‍රදේශයේ ඉතා සාමකාමී වාතාවරණයක් පවතින බව අප වාර්තාකරු පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11