බුද්ධිය මත පදනම් වු ආර්ථික වැඩපිළිවෙලක් රට තුළ ගොඩනගන බව ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි
බුද්ධිය මත පදනම් වු ආර්ථික වැඩපිළිවෙලක් රට තුළ ගොඩනැගීම තම අපේක්ෂාව බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ඇමති සජිත් ප්‍රේමදාස මහතා පවසයි. එම වැඩපිළිවෙල සිය ප්‍රතිපත්ති ප්රකාශනය තුළ ඇතුළත් බව පැවසු ප්‍රේමදාස මහතා ජනතාවට බොරු බලාපොරොත්තු ලබා දෙන යුගය අවසන් කරන බව කිවේය. කොළඹ පැවති උත්සවකට එක්වෙමින් හෙතෙම මේ බව අවධාරණය කළේය.