ඝන අපද්‍රව්‍ය භාවිත වන විදුලි බලාගාරයක් ශ්‍රි ලංකාවේ ඉදිකිරිමට ඉතාලියේ සහය

Share Button

ඝන අපද්‍රව්‍ය භාවිත වන විදුලි බලාගාරයක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම සඳහා ඉතාලියේ සහාය පළවෙයි. ඒ අනුව අපද්‍රව්‍ය ටොන් සියයත් තුන්සියයත් අතර ප්‍රමාණයක් භාවිත කළ හැකි බලාගාරයක් මෙරටට හඳුන්වාදීම සඳහා තම රටේ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාව සඳහා ඉතාලි තානාපති රිටා ජී. මැනෙල්ලා :ඍසඒ ඨග ඵ්බබැකක්– මහත්මිය අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවේ ප්‍රකාශ කළාය. සිඝ්‍රයෙන් වර්ධනය වන ශ්‍රි ලංකාවේ විදුලි ඉල්ලුම සපුරාලීමේ ගැටලුවට මුහුණ දීමේ පෙර සුදානමක් වශයෙන් මෙම විදුලි බලාගාරය වැදගත් වෙයි. පරිසර හිතකාමි විදුලි උත්පාදන ක්‍රමවේදයක් සම්බන්ධයෙන් අවධානය යොමු කරවිීම පිලිබද අමාත්‍යවරයා මෙහිදි ඉතාලි තානාපතිවරියට සිය කෘතඥතාව පලකලේය. මෙම ව්‍යාපෘතිය ඉදිරියේදි මෙරට ක්‍රියාත්මක කිරිම සදහා ඉතාලි රජයේ පුර්ණ සහය අපේක්ෂා කරන බව ඔහු පෙන්වා දුන්නේය. තානාපතිවරිය හා අමාත්‍යවරයා අතර විදුලිබල අමාත්‍යංශයේ දී පසුගියදා පැවැත්වුනු නිල සාකච්ඡාවකදි ඉතාලි තානාපතිවරිය මේ බව පැවසුවාය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11