ජනාධිපතිවරණයේ මුදල් භාවිතය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මැතිවරණ කොමිෂමේදී

Share Button

එළඹෙන ජනාධිපතිවරණයේදී මුදල් භාවිතය සහ අඵතින් ඡන්ද පෙට්ටි සකස් කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්විණ. රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදී එය පැවැත්විණ. මෙවර ජනාධිපතිවරණය සදහා දැනට තක්සේරු කර ඇති මුදලට වඩා වැඩි මුදලක් වැයවීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරින. අපේක්ෂකයින් සංඛ්‍යාව ඉහල යෑම හේතුවෙන් රුපියල් කෝටි හාර සියයක් බවට ඇස්තමේන්තු කර තිබූ ජනාධිපතිවරණය සදහා වැයවන මුදල රුපියල් කෝටි පන්සියය ඉක්මවා යනු ඇතැයි මැතිවරණ කොමිෂම කියයි. මේ අතර විදෙස් රටවල් දහයක් නියෝජනය කරමින් විදේශිය කණ්ඩායම් එකොළහකට ආසන්න සංඛ්‍යාවක් මැතිවරණ නිරික්ෂණ කටයුතු සදහා මෙවර එක්වෙති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *