යුධ හමුදාපතිවරයාගේ නම සහ ඡායාරූප යොදා ගනිමින් දේශපාලන පක්ෂයක් සිදුකරන මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට එරෙහිව මැතිවරණ කොමිෂමට පැමිණිලි

Share Button

දැනට රාජකාරියේ නිරත යුධ හමුදාපතිවරයාගේ නම ඡායාරූපයක් සහ ප්‍රකාශයක් වෙනත් විශ්‍රාමික හමුදා නිලධාරින්ගේ නිල ඇඳුම් සහිත ඡායාරූප යොදා ගනිමින් දේශපාලන පක්ෂයක් මැතිවරණ ප්‍රවර්ධන කටයුතුත්තක් සිදුකිරිම සම්බන්ධයෙන් අමාත්‍ය අජිත් පි පෙරේරා මහතා ඊයේ මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිළි කලේය. පුවත්පත් රැසක මෙම දැන්විම පලකර තිබුනි. ජනාධිපතිවරණය පැවැත්වෙන කාලසීමේ දේශපාලන පක්ෂයක ප්‍රවර්ධනය සඳහා වර්තමානයේ ධූරයක් දරණ හමුදාපතිවරයා යොදා ගැනිම මැතිවරණ නීති උල්ලංගනය කිරීමක් බව මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *