වැඩි මිලට ගෑස් අලෙවි කරන වෙලෙදුන් සොයා පාරිභෝගික අධිකාරියෙන් වැටලීම්

Share Button

වැඩි මිලට ගෑස් අලෙවි කරන වෙලෙදුන් සොයා වැටලීම් ආරම්භ කර ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. ඇතැම් වෙලෙදුන් වැඩි මිලට ගෑස් අලෙවි කරන බවට ලැබුණු පාරිභෝගික පැමිණිලි සැලකිල්ලට ගෙන එම වැටලීම් ආරම්භ කර තිබේ. තවමත් වැඩි මිලට ගෑස් අලෙවි කරන වෙලෙදුන් පිළිබදව ක්ෂණික දුරකතන අංක 1977 මගින් අධිකාරියට දැනුම් දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලිීමක් කෙරේ. පසුගිය 4 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 240 කින් පහත දැමිණ. මිල අඩුකර තිබියදී වැඩි මිලට ගෑස් අලෙවි කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බව පාරිභෝගික අධිකාරිය කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11