පොලිතින් භාවිතයෙන් තොර ජනාධිපතිවරණයක් උදෙසා ජනතා පෙත්සමක්

Share Button

පොලිතින් භාවිතයෙන් තොර පරිසර හිතකාමී ප්‍රචන්ඩත්වයෙන් තොර ජනාධිපතිවරණයක් පැවැත්වීම උදෙසා ජනතා පෙත්සමක් අත්සන් කිරීම ඇරඹේ. එය අද මාතලේ ඔරලෝසු කණුව ඉදිරිපිටින් ආරම්භ කෙරිණි. මාතලේ මාධ්‍යවේදීන්ගේ සංගමය එය සංවිධානය කර තිබුනි. ඊට ජනාධිපති ධූරයට තරග වදින ප්‍රධාන අපේක්ෂකයන්ගේ නියෝජිතයෝ අත්සන් තැබුහ. පරිසර හිතකාමී හා ප්‍රචන්ඩත්වයෙන් තොරව මැතිවරණ පවත්වා රටට ආදර්ශයක් ගෙනදීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම ජනතා පෙත්සම ඉදිරියේදි ජනාධිපතිතුමා වෙත භාරදිමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *