වතු ජනතාවගේ ගැටඑ වැටුප්වලට පමණක් සිමාවිය යුතු නැතැයි ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි.

Share Button

වතුකරයේ ජනතාවගේ ගැටඑ පිළිබඳව වතු කම්කරු නායකයින් සමග සාකච්ඡා කළ බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේකෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. ඒ අනුව වතුකරයේ තරුණ තරුණියන්ට හොඳ අධ්‍යාපනයක් සහ හොඳ රැකියා ලබාගැනිමේ අවස්ථාව ද උදා වන බව ඒ මහතා කියයි. වතු ජනතාවගේ ගැටඑ වැටුප්වලට පමණක් සීමා නොකළ යුතුය. උතුරේ ගැටඑ පිළිබඳව එම දේශපාලන නායකයින් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඔහු කියා සිටි.
මෙහිදී අදහස් දැක්වු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ගැටුම් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු රජයක් යටතේ සිදුනොවන බවයි. ජාතික කොන්ග්‍රසයේ නායක ඒ එල් එම් අතාවුල්ලා මහතා සඳහන් කලේ සියලු ජනතාව නිදහසේ ජීවත්විමට හැකි සමාජයක් පරිසරයක් ගොඩනැගිය හැක්කේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු රජයකට පමණක් බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *