බදු විෂමතාව ක්‍රමානුකුලව ඉවත් කිරීමට පස් අවුරුදු සැලැස්මක්

Share Button

බදු බරින් මිරිකුණු පීඩනයට පත්වු ජනතාව එම බදු බරින් නිදහස් කොට අතමිට සරු ජන ජීවිතයක් උදා කිරීමට තමන් කැප වන බව ජනාධිපති ධුර අපේක්ෂක ඇමති සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඊයේ දඹදෙනියේ පැවති ජනරැලියක දී ඔහු පැවසුවේ තමන්ගේ ව්‍යායාමය ජනතාව ජීවත් කරවීම බවයි. කාබන් බද්ද ඉවත් කිරීමට ද ක්‍රියා කෙරේ. එහෙත් පරිසරය ආරක්ෂා කිරීමට කැප වන බවද ඔහු කීවේය. ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු බිහි වන තම රජය ජාත්‍යන්තරයේ කිසිම බලවේගයකට හිස නමන්නේ නැති බවද ඔහු කියා සිටී. අභිමානවත් තේජවන්ත ශ්‍රි ලංකාවක් ගොඩනැගිමට ක්‍රියා කරන බවද ඇමතිවරයා කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *