රට යළි සුරක්‍ෂිත කළහැක්කේ තම රජයක් යටතේ පමණක් බව ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කරයි.

Share Button

ඉකුත් රජය ත්‍රස්තවාදය අවසන් කළා පමණක් නොව ත්‍රිවිධ හමුදාව සහ බුද්ධි අංශ එක්ව එවැනි තත්ත්වයක් නැවත ඇති නොවීමට ආරක්‍ෂක සැලැස්මක් යොදවා තිබු බව ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි. එමෙන්ම ත්‍රස්තවාදී සහ අන්තවාදී ක්‍රියා වැළැක්වීමට විශේෂ ඒකකයක්ද ස්ථාපිත කර තිබුණි. එබැවින් ශ්‍රී ලංකාව යළි සුරක්‍ෂිත රටක් බවට පත්කළ හැක්කේ තම රජයක් යටතේ පමණක් බව ගෝඨාභය රාජපක්‍ෂ මහතා සදහන් කරයි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ තංගල්ල රන්න නගරයේ සහ බෙලිඅත්තේ අද පෙරවරුවේ පැවැති ජනරැලිවලට එක්වු අවස්ථාවේදීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *