.මෙරට සංවර්ධන ධාරීතාව උපරිම මට්ටමට ගෙනඒම සදහා කාන්තාවන් සවිබල ගැන්විය යුතු බව ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Share Button

මෙරට සංවර්ධන ධාරීතාව උපරිම මට්ටමට ගෙනඒම සදහා කාන්තාවන් සවිබල ගැන්විය යුතු බව ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ප්‍රජාවගේ දියුණුවට රටක සිටින කාන්තාවන් ලබාදෙන ශක්තිය ඉතා ඉහළ මට්ටමක පවතින බව හෙතෙම කියයි. සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ කොළඹ සුදගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේදී කාන්තා ප්‍රඥප්තිය එළිදැක්වීමේ අවස්ථාවට අද එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ශ්‍රී ලංකාව මේ වනවිට සෞඛ්‍ය අධ්‍යාපන ඇතුඵ ක්‍ෂේත්‍ර රැසක සාර්ථක ඉලක්ක වෙත ලගා වී ඇති බවයි. කාන්තාවන්ට සිදුවන හිංසනය මේ වනවිට පහල මට්ටමක පවතී. පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සියයට 5 යි දශම 8 කි. පළාත් පාලන ආයතනවල සියයට 25 ක අනිවාර්යය නියෝජනයක් ලබාදී තිබේ. පළාත් සභාවේ සහ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය එම මට්ටමට ගෙනඒම අපේක්ෂාව බව ඔහු පැවසීය. අද අත්සත් තැබු ප්‍රඥප්තිය මාස 3 ක් තුළදි පාර්ලිමේන්තුවේදී කෙටුම්පත් කරන බව හෙතෙම කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *