ජපානයට තවත් ප්‍රබල සුළිකුණාටුවකින් බලපෑම්.

Share Button

ජපානයට තවත් ප්‍රබල සුළිකුණාටුවකින් බලපෑම් එල්ල වනු ඇතැයි එරට කාලගුණ අංශ පවසයි. නියොගුරි නැමති සුළි කූණාටුව මේ වනවිට ජපානයේ නිරිතදිග ප්‍රදේශයේ ටනෙගාෂිමා දුපත් ආසන්නයේ පවතිී. එය පැයට කිලෝ මීටර් 45 ක පමණ වේගයකින් ඊශානදිග ප්‍රදේශයට හමා යමින් පවතින බව එරට කාලගුණ අංශ වැඩිදුරටත් සදහන් කරයි. සුළි කුණාටුවේ උපරිම වේගය පැයට කිලෝමීටර් 160 ක් පමණ වේ. අද රාත්‍රිය වන විට මෙය ජපානයේ ශාන්තිකර වෙරළතීරය හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. හෙට වන විට ජපානයේ නැගෙනහිර සහ බටහිර ප්‍රදේශවලට තද සුළං සමග තද රළ පහර බලාපොරොත්තු වන බව කාලගුණ අංශ සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11