අයහපත් කාලගුණයෙන් දිවයිනපුරා හය දහසකට අධික පිරිසක් පීඩාවට

Share Button

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක ජල ගැලීම් සහ නායයෑම් වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියේජ්‍ය අධක්‍්‍යෂ ප්‍රදිප් කොඩිප්පිලි මහතා කියයි. මාර්ග රැසක ගමනාගමනයට බාධා පැමිණ තිබේ. ඇතැම් ප්‍රදේශවල ගමනාගමනය සදහා නාවික හමුදාව බෝට්ටු යොදවා ඇතැයිද නයෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා සදහන් කළේය.

පුත්තලම. කඵතර. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වුවන්ට කඩිනම් සහන සැලසීමට රුපියල් ලක්‍ෂ 40 ක මුදලක් වෙන්කර ඇතැයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ චමින්ද පතිරාජ මහතා පැවසීය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්තාවලට අනුව අයහපත් කාලගුණයෙන් පවුල් 1600 කට අයත් 6 දහසක පමණ පිරිසක් පීඩාවට පත්ව සිටිති. මුඵමනින්ම විනාශ වී ඇති නිවාස සංඛ්‍යාව 4 කි. නිවාස 114 කට හානි පැමිණ තිබේ. අයහපත් කාලගුණයෙන් වැඩිම හානියක් සිදුව ඇත්තේ පුත්තලම් දිස්ත්‍රික්කයටයි. මන්නාරම ප්‍රදේශයේ පවුල් 50 කට අයත් 195 දෙනෙකු තාවකාලික මධ්‍යස්ථානවල රදවනු ලැබ සිටිති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *